Article ~ Are You Use soft drinks ? Read this

පැණි බීම පිපාසයට රස මිහිරකි. එහෙත් ගතට වස ආකරයකි. සෞඛ්‍ය සම්පන්න ආහාරපාන ගැන දැඩි පිළිවෙතක් අනුගමනය කරන බ්‍රිතාන්‍යයේ පවා අලෙවි වන්නේ පිළිකා අවදානම වැඩි කරන රසායන අඩංගු පැණි බීමය. “බෙන්සේන්” රසායනය ජනපි‍්‍රය පාන බොහොමයක අඩංගු බව හෙළි වී තිබේ. මේ රසායනය පලතුරු බීම නිපදවීමේදී ඇතිවන අතුරුඵලයකි. ගම්, තීන්ත හා සේදුම් කාරකවල ද බෙන්සේන් අඩංගුය. මෙය ප්‍රබල පිළිකා කාරකයකි.


මුවට ගත් මොහොතේ සිටම පැණී බීමෙන් ලැබෙන්නේ අහිතකර ප්‍රතිඵලය. දත්වලට මේවා හලාහල විසකි. පැණි බීම දත් දිරායාමට බලපාන ප්‍රධාන හේතුවකි. අමෙරිකාවේ ජොර්ජ්ටවුන් සරසවියේ සීනි එක් කළ කාබනීකෘත බෙවරේජ හෝ පැණි බීම අග්න්‍යාශයික පිළිකාවට හේතු වී ඇති බව සොයාගෙන තිබේ.දිනපතා පැණි බීම පානය කළොත් දියවැඩියා අවදානම ඉහළ යයි. මේවායේ ඇති අධික සීනි ප්‍රමාණය නිසා රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත් ලෙස පවත්වා ගැනීම අසීරු වෙයි. එහි අවසන් ප්‍රතිඵලය දියවැඩියාවයි.


පැණි බීමවල අඩංගු E 211 හෝ සෝඩියම් බෙන්සොඒට් මඟින් වැඩෙන දරුවන්ගේ සෛලවලට හානි සිදුවෙයි. මේ හානිය නිසා වැඩිහිටිවියේදී පාකින්සන්ස් සහ සිරෝසිස් රෝගවලට ගොදුරු වීමේ ඉඩ වැඩි වේ. ලෝකයේම කාබනීකෘත පානයන් ගණනාවකම සෝඩියම් බෙන්සොඒට් අඩංගුය. එම රසායනය අඩංගු කරන්නේ පැණි බීමවල අඩංගු යීස්ට්, බැක්ටීරියා ආදිය විනාශ කිරීමටයි. පැණි බීමවලට අමතරව ඒ රසායනය ජෑම්, පලතුරු යුෂ සහ සලාද සැරසුම්වලට ද යොදයි.


අනතුරුදායකම දෙය නම් රෝගී වන බවට අවදානම් සාධක එකක්වත් නැතිව පැණි බීම ශරීර සුවය උදුරා ගැනීමයි. දිනකට පැණි බීම කෝප්ප දෙකක් පානය කරන කාන්තාවන් හෘද රෝග වැළඳීමේ ඉඩක් ඇති අය බව විද්‍යාඥයන් කළ පර්යේෂණ ගණනාවකින්ම හෙළි වී තිබේ. එපමණක් නොව ඔවුන් දියවැඩියාවට සහ හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද පවතී.



පුරා වසර පහක් ඔක්ලහෝමා සරසවියෙන් කළ අධ්‍යයනයකට අනුව දිනකට පැණි බීම වීදුරු හතරක රස බලන කාන්තාවන්ගේ රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉතා ඉහළයි. එය නහර අවහිර වී ආඝාතය ඇති වීමේ අවදානම ඉහළ නංවයි. රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ලෙස තිබියදී උසට සරිලන බරක් පවතිද්දී මෙවැනි අවදානමක් ඇතිවීම අති භයානකය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මොවුන් දියවැඩියාවට ද ගොදුරු වෙති. පැණි බීම වාර්ෂිකව ලෝක ජනගහනයෙන් මරණ සෑහෙන ගණනකට වගකිව යුතුය. එය 200,000 තරම් වූ ගණනකි. ඉන් මරණ 44,000 ක් හදවත් රෝග නිසාද 6,000ක් පිළිකා නිසාද සිදුවෙයි. දියවැඩියාවෙන් සිදුවන මරණ ගණන 133,000කි. විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල සිදුවන මරණ ගණන වැඩිය.


රසවත් වස පාලනය කිරීමට බොහෝ දියුණු රටවල් තීරණය කර තිබේ. රටවැසියන් කුඩාවියේ සිටම තරබාරු වීම වළක්වා ගැනීම සඳහා ඔවුන් පලතුරු බීම, පැණි බීම හා ශක්තිජනක පාන අවම කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතී. අධික සීනි යෙදූ තේ පානය කිරීම ද අවදානම් බව විශේෂඥයෝ පෙන්වා දෙති. පැණි බීම පානයෙන් ඇතිවන තරබාරුකම මට්ටු කිරීමට අසිරුය. දිගින් දිගටම පැණි බීම පානයෙන් සිරුරට ඇතිවන හානිය නිවැරදි කර ගත නොහැක්කකි.


ශක්තිජනක පානවලට මද්‍යසාර ද එක්කර ඇති අතර මේ නිසා නින්දයාමේ දුෂ්කරතා ඇති වේ. කැෆේන් බොහෝ ශක්තිජනක පානවල අඩංගු සංයෝගයකි. ළමයින් ශක්තිජනක පාන මඟින් ලබාගත් ශක්තිය, ක්‍රියාකාරී වී වැය නොකිරීම නිසා රෝග ගබඩාවන් බවට පත්වෙයි. ශක්තිජනක පාන වීදුරුවක කැලරි 10 -270ක් අඩංගුය. මේවායේ පැණි බීමවලටත් වඩා “කැෆෙන්” අඩංගුය. එය සිරුරට විසවන තරමේ ප්‍රමාණයකි. මෙවැනි උත්තේජක ඉහළ නංවෙන්නේ බෝ නොවන රෝග පමණක් නොවෙයි. දරුවන්ගේ හැසිරීම් අක්‍රමවත් කිරීමට ද වලිප්පුව ඇති වීමට ද හේතුවෙයි.


පැණි බීම කෑන් එකක් බීමෙන් හානි වන්නේ හදවතට පමණක් නොවෙයි. වකුගඩුවලට ද එය හානි කරයි. මේවායේ අධික ලුණු වකුගඩු මඟින් අධික ලෙස අවශෝෂණය කෙරෙයි. දියවැඩියාව, ස්ථුලතාව, වකුගඩු අකර්මණ්‍ය වීම, අධික රුධිර පීඩනය එහි නරකම අතුරුඵලයි. සෝඩා පාන සමඟ ඔස්ටියෝපොරෝසිස් රෝගය ද නෑකම් කියයි. එපමණක් නොව දිනකට සෝඩා වීදුරු දෙකක් පානය කරන කාන්තාවන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වීමට පටන් ගනී. මේ බීම මත්ද්‍රව්‍යයක් හා සමානය. දන්ත සෞඛ්‍යයට ද පැණි බීම ඉතා අහිතකරය. ඊට හේතුව ඒවා බෙහෙවින් ආම්ලික වීමයි.


මෙය අපේ එනැමලය දියකර දත් දිරායාමට මඟ පෑදෙයි. පැණි බීමවල අන්තරාසර්ග හෝර්මෝනවලට බාධා කරන බ්‍රිස්ෆෙනෝල් “ඒ” අඩංගුය. මේවා හදවතට වගේම ප්‍රජනක සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් ඇති කරයි.


------------------------------------

මෙි පිළිබදව ඔබගේ අදහස් පහතින් Comment කරන්න.

------------------------------------

ෆෙස්බුක් හරහා අපව ලයික් කරන්න අමතක කරන්න එපා - Click Here

තවත් තොරතුරැ දැන ගන්න අපගේ Facebook ගෘපයට එක් වන්න - Click Here

Comment Box is loading comments...
Join Me On Facebook